Latest Movies

Saturday, June 11, 2011

Friday, June 10, 2011

Thursday, June 9, 2011

පෙරුම්දම්.......

සිහින් රේණු මල් වැස්සට
මගෙ ආදරෙ නොපෙනුනාද
සීත සුළග මටත් හොරෙන්
මගෙ ආදරෙ ගෙනගියාද......
පෙරුම්පුරා සසරපුරා
ඔබම සොයාගෙන ආවද
දැන්වත් මට කියන්න ඔබ
මගෙ ආදරෙ තේරුණාද......
සසරපුරා පැතූ පැතුම් 
බොල් සුළගක මුසුවුනාද
සද ඇවිදින් මගේ ලොවට
මට නොකියම බැස ගියාද......
සෙනෙහෙ සිතින් කවි ලියන්න
කියූ සිතත් ගොලුවුනාද
ආදරෙ මට කියා කියපු
ඔබත් ගිහින් සැගවුනාද......

Wednesday, June 8, 2011

සිහින....


සිහින.....
හැම සිතක්ම දකින
සැබැ කරගන්නට වෙරදරන
සිහින....
බිදී ගිය විට
නෙතු තෙමෙන
සිතින් උමතුව විලාපය දෙන
සැබැවුන කල 
මුළු දිවිය
සිත් තොසින් එ‍ළිය කරනා
සුවහසක් සිත්පුරා 
පිරී ඇති 
සුභ සිහින....
කදුළු සිත්තම් අහවරව
පතමි ඉටුවන්න
ඔබ දුටුව ඒ 
සැම සිහින.....

Facebook

Powered by Blogger.

Template Information

PayPal Email

About Me

My photo
ඉතා සුළු මුදලකට පැහැදිලි දසුන් සහිතව 5.1 ශබ්ද මාදිලියෙන් ඉතා උසස් තත්වයෙන් යුතු DVD චිත්‍රපට හා රූපවාහිනී කතා මාලා තැපැල් මාර්ගයෙන් නිවසටම ලැබීමට සැලැස්වීම මෙම අඩවියෙ මගින් සිදු කරයි.

Contact Form

Name

Email *

Message *

Contact us

Name

Email *

Message *

Followers

Featured Slider

Popular Posts

Pages

Blogger news

Blogroll

Blogger templates

About

Pages - Menu